පැතුරුපත් | 2017 | OL

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

අ‍.පො.ස (සාමාන්‍ය පෙළ ) විභාගය - 2017 (Online Test)
සැකසුම : කැලුම් කෝණාර
කාලය : විනාඩි 12 යි.

  
*** භාවිතයට උපදෙස් ***
* ක්‍රියාකාරකම ආරම්භ කිරීමට පෙර පරිගණකයේ හෝ සුහුරු ජංගම දුරකථනයේ English යතුරු පුවරුව සක්‍රීය කරන්න. අවශ්‍ය විට දි සිංහල යතුරු පුවරුව භාවිත කරන්න.

* සියලු ම හිස්තැන් වලට අදාළ පිළිතුරු type කිරීමෙන් පසු, "Check" මත click කර ඔබේ පිළිතුරු නිවැරදි දැයි පරික්ෂා කර ගත හැකිය. .
1. දී ඇති පැතුරුම්පත් කොටසින් දැක්වෙන්නේ 1972 සහ 2014 යන වර්ෂවල දී ආසියානු රටවල් කිහීපයක CO2 විමෝචනය (kt) පිළිබඳ තොරතුරු වේ.
A B C D E
1 ආසියානු රටවල් කිහිපයක CO2 විමෝචනය(kt)
2 රටෙහි නම 1972 2014 වෙනස ප්‍රතිශතය
3
4 බංගලාදේශය 3509.319 73189.653
5 භූතානය 3.667 1001.091
6 චිනය 931575.681 10291926.88
7 ඉන්දියාව 217849.136 2238377.137
8 ජපානය 853373.239 1214048.358
9 ශ්‍රි ලංකාව 3542.322 18393.672
10 මාලදිවයින 3.667 1334.788
11 CO2 විමෝචනයේ එකතුව(kt)

(i) බංගලාදේශය සඳහා වු 2014 සහ 1972 වසර වල දී CO2 විමෝචන‍යේ වෙනස ගණනය කිරීම සඳහා D4 කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය කොටුව තුළ යතුරුලියනය(Type) කරන්න.
[ වෙනස = 2014 වසරේ අගය - 1972 වසරේ අගය]
(ii) බංලගාදේශය සඳහා CO2 විමෝචනය වැඩිවීමේ ප්‍රතිශතය ගණනය කිරීම සඳහා E4 කෝෂයට ඇතුළත් කළ යුතු සුත්‍ර කොටුව තුළ යතුරුලියනය(Type) කරන්න. [ වැඩිවීමේ ප්‍රතිශතය =( වෙනස/1972 හි අගය )X 100]
(iii) D4 හා E4 කෝෂවලට ඇතුළත් කළ සුත්‍ර දෙකක , D5:E10 කෝෂ පරාසයට පිටපත් කළේ යැයි උපකල්පනය කරන්න. ශ්‍රී ලංකාවට අදාළව D9 හා E9 කෝෂවල දර්ශනය වන සූත්‍ර දෙක පිළිවෙළිින් යතුරු ලියනය කරන්න.
හා

(iv) දී ඇති සියලු රටවල 1972 හි මුළු CO2 විමෝචනය ගණනය කර පෙන්වීමට =function1(cell1:cell2) ආකාරයේ සූත්‍රයක් B11 කෝෂයේ ලියනු ලැබේ. function1 , cell1 හා cell2 ට අදාළ පද යතුරු ලියනය කරන්න. [ආකාර දෙකම (type) කරන්න]

හෝ
‍function1 -
cell1 -
cell2 -

(v) දී ඇති රටවල 1972 හා 2014 වර්ෂවල CO2 විමෝචනය පෙන්වීම සඳහා පැතුරුම් පත් මෘදුකාංගවල ඇති වඩාත් යෝග්‍ය ප්‍රස්තාර වර්ගය නම් කරන්න.



No comments:

Post a Comment