තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Grade 10
සැකසුම : කැලුම් කෝණාර
Speed Test - 1
කාලය විනාඩි : 10 යි.
**භාවිතයට උපදෙස්***
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
පළමු පරම්පරාවේ පරිගණක සදහා පදනම් විය.
- Vaccum tubes
- Transistors
- Integrated circuits
- Microprocessors
පරිගණකයක භෞතික සංරචක විස්තර කිරීමට භාවිතා කරන වඩාත් පොදු යෙදුම වේ
- මෘදුකාංග
- දෘඪාංග
- ජීවාංග
- ස්ථිරාංග
පහත දැක්වෙන කුමන කාණ්ඩ යටතේ ලැප්ටොප් පරිගණකයක් වර්ගීකරණය කර තිබේ ද?
- ක්ෂුද්‍ර පරිගණක
- මධ්‍ය පරිගණක
- මහා පරිගණක
- සුපිරි පරිගණක
නූතන පුද්ගලික පරිගණකයේ CPU එකක වේගය සාමාන්‍යයෙන් ප්‍රකාශ වේ
- GHz
- Mbps
- GB
- IPS
පහත සඳහන් ඒවායින් කවරක් තොරතුරු අඩංගු නොවේ ද...
- කාලගුණ වාර්තාවක්
- කාලසටහනක්
- සුපිරි වෙළඳපලක මිල ලැයිස්තු සංදර්ශකය
- ලේබල් නොකළ ප්‍රස්තාරයක්
................... යනු පුද්ගලයෙකුගේ අතේ තබා ගත හැකි ඉතා කුඩා පරිගණකයකි.
- PC
- Laptop
- PDA
- Minicomputer
පහත දැක්වෙන කුමන ඒවා ලක්ෂීය උපාංගයක් නොවේ ද?
- Light pen
- Joystick
- Trackball
- Barcode reader
පැය පහක කාලයක් තුළ උණ වැළඳී ඇති රෝගියෙකුගේ උෂ්ණත්වය වෛද්‍යවරයෙකු විසින් නිරීක්ෂණය කරනු ලැබේ.
(A) පැයක කාල පරතරයකින් රෝගියාගේ නළල මත අත තැබීම.
(B) පැයකට වරක් උණ රෝගය ගැන රෝගියාගෙන් විමසීම
(C) පැයක පරතරයකින් උෂ්ණත්වමානයකින් ලබාගත් කියවීම් භාවිතා කරමින් ප්‍රස්ථාරයක් ඇඳීම ඉහත කවරක් මගින් රෝගියාගේ උණ තත්ත්වය පිළිබඳ තොරතුරු වෛද්‍යවරයාට ලබා දෙන්නේ ද?
- A පමණි.
- B පමණි.
- C පමණිි.
- A, B, C සියල්ල
අනුකලිත පරිපථ සොයා ගැනීම .......... පරිගණක පරම්පරාවේ ආරම්භය සනිටුහන් කළේ ය.
- පලමු පරම්පරාවට
- දෙවන පරම්පරාවට
- තෙවන පරම්පරාවට
- සිව්වන පරම්පරාවට
පහත සඳහන් උපාංග සලකා බලන්න.
A- යතුරුපුවරුව
B- ස්කෑනර්
C - මුද්‍රණ යන්ත්‍රය
D - නාදකය (Speaker)
ඉහත සඳහන් ඒවායින් පරිගණකයක ආදාන උපාංග ලෙස භාවිතා කළ හැකි වන්නේ ,
- A සහ B පමණි
- A සහ C පමණි
- C සහ D පමණි
- A,B, C සහ D සියල්ලම
No comments:
Post a Comment