තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සංඛ්‍යා පද්ධති හා කේත ක්‍රම
සැකසුම : කැලුම් කෝණාර
කාලය : විනාඩි 20 යි.
Speed Test
**භාවිතයට උපදෙස්***
මෙය මාර්ගගත(online) බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
කිලෝබයිට් (Kilobyte) එකක බයිට් (byte) කීයක් තිබේ ද?
- 8
- 1000
- 1024
- 1048
පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ කවර ඒවා ද ?
A. බිට් යනු පරි්ගණකයට සැකසිය හැකි තොරතුරුවල කුඩාම ඒකකයයි.
B. බයිට් යනු පරිගණකයට සැකසිය හැකි තොරුතුරුවල කුඩාම ඒකකයයි.
C. බිට් එකක බයිට් 8 ක් අඩංගු වේ.
D. බයිට් 1 ක බිට් 8 ක් අඩංගු වේ.
- A හා C
- A හා D
- B හා C
- B හා D
10102 ට තුල්‍ය දශම සංඛ්‍යාව වනුයේ ,
- 5
- 6
- 10
- 12
21 ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව වනුයේ,
- 10012
- 11002
- 11112
- 101012
368 අෂ්ඨක සංඛ්‍යාවට තුල්‍ය ද්විමය සංඛ්‍යාව වන්නේ ........... ය .
- 1100112
- 1011102
- 111102
- 1111111112
110111010102 යන ද්විමය සංඛ්‍යාවට තුල්‍ය ෂඩ් දශම සංඛ්‍යාව වන්නේ
- 675216
- 6EA16
- DD216
- DD416
පොතක් මිල දි ගැනීම සඳහා පියාගෙන් රු. 40/- ක් සහ මවගෙන් රු.30/- ක් සමන්ට ලැබෙයි. ඔහුට ලැබුණු මුළු මුදල් ප්‍රමාණය ද්විමය ආකාරයෙන් තුල්‍ය වන්නේ,
- 10000112
- 100001002
- 10001012
- 10001102
01010.1010 යන සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි බිටුව(MSB) හා අඩුම වෙසෙසි බිටුව(LSB) ලෙස සැලකිය හැක්කේ,
- 1 සහ 1
- 0 සහ 0
- 1 සහ 0
- 0 සහ 1
ASCII කේත ක්රමයේ දී ‘E’ අනුලක්ෂණය 1000101 ලෙස නිරූපණය වේනම් ‘B’ අනුලක්ෂණය සඳහා ASCII කේතය වන්නේ,
- 1000012
- 10000102
- 10000112
- 11001012
මෙගා බයිටයක ඇතුලත් වන්නේ,
- කිලෝබයිට් 2 6
- බයිට් 2 20
- බයිට් 10 6
- බයිට් 2 29
ෂඩ් දශමක ACE 16 සංඛ්‍යාව නියෝජනය කිරිමට අවශ්‍ය අවම බිටු ගණන
- තුනකි.
- නවයකි.
- එකොළහකි.
- දොළහකි.
1010012තුල්‍ය දශමක සංඛ්‍යාව කීය ද?
- 27
- 41
- 43
- 51
මෙගා බයිට් 2 ක අන්තර්ගතය
- බයිට 2 7
- බයිට 221
- බයිට 2 X 106කි.
- බයිට 2 X 10 20
'A' අනුලක්ෂණයේ ඇස්කි (ASCII) කේතය 65 කි. පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් 'A' අනුලක්ෂණය ද්විමය සංඛ්‍යාවක් වශයෙන් දක්වයි ද?
- 1111112
- 1101012
- 10000102
- 10000012
පහත සඳහන් අගයන් අතුරෙන් 1AF16 තුල්‍ය නොවන්නේ කවරක් ද?
- 41310
- 1101011112
- 6578
- 5678
No comments:
Post a Comment