තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සැකසුම : කැලුම් කෝණාර
ක්‍රමලේඛන සංකල්ප
11 ශ්‍රේණිය
Speed Test
***භාවිතයට උපදෙස්***
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
පැස්කල් භාෂාවේ යොදා ගැනෙන, උඩු කොමා තුළ (‘ ‘) දක්වනු ලබන දත්ත ප්‍රරූප ඇතුළත් පිළිතුර කුමක්ද?
- Integer, Real
- Real, String
- Char, String
- Integer, Char
Var marks : array [0…9] of integer; යන ඒකමාන අරා (Array) අර්ථ දැක්වීමට අනුව නිවැරදි පිළිතුර කුමක්ද?
- පූර්ණ සංඛ්‍යාත්මක අගයන් 10 ක් ඇතුළත් කළ හැකි marks නම් වූ අරාව සෑදේ.
- දශමය සංඛ්‍යාත්මක අගයන් 10 ක් ඇතුළත් කළ හැකි marks නම් වූ අරාව සෑදේ.
- පූර්ණ සංඛ්‍යාත්මක අගයන් 9 ක් ඇතුළත් කළ හැකි marks නම් වූ අරාව සෑදේ.
- දශමය සංඛ්‍යාත්මක අගයන් 9 ක් ඇතුළත් කළ හැකි marks නම් වූ අරාව සෑදේ.
ඉහළ තලයේ පරිගණක භාෂාවක් (High level languages) සඳහා උදාහරණයක් අඩංගු නොවන පිළිතුර කුමක් ද?
- FORTRAN භාෂාව
- PASCAL භාෂාව
- BASICභාෂාව
- ASSEMBLY භාෂාව
භාෂා පරිවර්තන මෘදුකාංගයක් නොවන්නේ
- Compiler
- Assembler
- Interpreter
- Debugger
පහත සඳහන් හඳුන්වන අතරින් වැරදි හඳුන්වනයක් වන්නේ කුමක්ද ?
- Program M54;
- Program Mark_Sheet;
- Program Loopuntil;
- Program 2K;
විචල්‍යක තනි අකුරක් ගබඩා කිරීම සඳහා වඩාත් සුදුසු දත්ත ප්‍රරූපය වන්නේ,
- Char
- Integer
- Letter
- String
Marks:Array [1..5] of Real; මෙම අරාව සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය කුමක්ද ?
- Array name (අරාවේ නම) marks ය.
- Array Length (අරාවේ ප්‍රමාණය) 6 කි
- අරාවේ පොදු දත්ත ප්‍රරූපය වන්නේ Real ය
- Upper Boundry (අරාවේ ඉහළ සීමව) 5 කි.
මුලු ක්රමලේඛයකයම එකවර යන්ත්‍ර භාෂාවට හරවන මෘදුකාංගය වන්නේ,
- Compiler
- Interpreter
- Translater
- Assembler
පහත සඳහන් ව්‍යාජ කේතය සලකන්න.
if average>70 then
if Sport_colour='True' then
Allrounder_award='True'
end if
end if
ඉහත දක්වා ඇති ව්‍යාජ කේතයේ තර්කයට පහත සඳහන් කවරක් තුල්‍ය වේ ද?
- average>70 AND Sport_colour='True' නම්, එවිට Allrounder_award='True' වේ.
- average>70 OR Sport_colour='True' වේ. එවිට Allrounder_award='True' වේ.
- average>70 Sport_colour='True' නම්, එවිට Allrounder_award='True' වේ.
- Sport_colour='True' නම්, එවිට Allrounder_award='True' වේ.
ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතුරෙන් නිවැරදි වගන්ති/වගන්තිය මොනවාද ?
A - යන්ත්‍ර භාෂාවල භාවිත කරන්නේ පරිගණකයට තේරුම් ගතහැකි ද්විමය සංඛ්‍යාංක බිටු [binary digitals (bits) ] පාදක උපදෙස් ය.
B - යන්ත්‍ර කේතයෙහි ( machine code) සංකේතාත්මක නිරූපණයක් භාවිත කරන එසෙම්බලි භාෂාව (Assembly language) යන්ත්‍රය මත රඳා පවතින පහළ මට්ටමේ භාෂාවකි.
C - උසස් මට්ටමේ භාෂාවන් (high level programing languages) යන්ත්‍රයෙන් ස්වායත්ත වේ.
- A පමණි.
- A හා C පමණි.
- B හා C පමණි.
- A,B හා C සියල්ල ම
No comments:
Post a Comment