තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සැකසුම : කැලුම් කෝණාර
පද්ධති සංවර්ධන ජිවන චක්‍රය
කාලය : විනාඩි 12 යි
Speed Test
***භාවිතයට උපදෙස්***
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.ය
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.ය
- පහත දැක්වෙන්නේ රියදුරන්ට මහා මාර්ගයක රථවාහන ගමනාගමන තත්ව පිළිබඳ තොරතුරු සපයන පද්ධතියක කෙටි විස්තරයකි.
මෙම පද්ධතිය මහා මාර්ගයෙහි එක් විශේෂ ප්‍රදේශයක ඇති රථවාහන සංඛ්‍යාව ඒවායේ වේග ආදී අමු දත්ත රැස්කර ඒවා මාර්ගාසන්නයෙහි පරිගණකයට සම්ප්‍රේෂණය කරයි. පරිගණකය, එම දත්ත විශ්ලේශණය කිරීමෙන් පසු වාහන තදබදයක් පවතින අවස්ථා වලදී විකල්ප මාර්ග භාවිත කිරීමට උදව් වන පරිදි රියදුරන්ට ප්‍රයෝජනවත් තොරතුරු සපයයි. ඉහත සඳහන් වු ඡේදය මඟින් හොඳින්ම විස්තර වන්නේ- තථ්‍ය කාල (real time) පද්ධතිය
- කාණ්ඩ සැකසුම් පද්ධතිය (Batch Processing System)
- මාර්ග අපගත පද්ධතියකි (offline System)
- ස්වයංගෘත(automated System)
- පද්ධති නඩත්තුවට ඇතුළත් නොවන්නේ
- මෘදුකාංග වැඩි දියුණු (Upgrading) කිරීම
- කාර්යසාධනය (performance) වැඩිදියුණු කිරීම.
- පද්ධතියේ ප්‍රධාන වෙනස්කම් සිදුකිරීම.
- සුළු දෝෂ නිවැරදි කිරීම.
- පද්ධතියේ කාර්ය බද්ධතාව, පරිශිලක අවශ්‍යතාව සපුරාලීම, ඵලදායි සම්පත් භාවිතය සහ පිරිවැය ඵලදායිතාව යන පද්ධති සංවර්ධන ජිවන චක්‍රයේ කලාවේ දී සලකා බැලේ.
- අවශ්‍යතා හදුනාගැනීම ( Identification of requirements)
- පද්ධති සැලසුම් ( system design)
- පිහිටුවීම (Deployment)
- පද්ධති නඩත්තුව ( Maintenance of the system)
- පද්ධති සංවර්ධනයෙහි දී භාවිත වන "සෘජු පිහිටුවීම" යන්න හොඳින්ම විස්තර කරනු ලබන්නේ පහත සඳහන් කවරකින් ද?
- නව පද්ධතිය, පවතින පද්ධතිය හා සමඟම හඳුන්වා දෙනු ලැබීම.
- එක් කොටසක් ක්‍රියාත්මක කරනු ලදුව එය සාර්ථක නම් අනෙක් කොටස් ක්‍රියාත්මක කරනු ලැබීම.
- අත්යුරු පද්ධතියේ ක්‍රියාත්මක වීම නවතනු ලැබ නව පද්ධතිය හඳුන්වාදීම.
- කොටස් වශයෙන් නව පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම.
- පද්ධති සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න :
A - දෘඩාංග හා මෘදුකාංගවල වෙනස්කම් ඇති කිරීම.
B - පද්ධතිය ඵලදායි ලෙස මෙහෙයවීමෙන් පසුව සොයා බලා වැරදි නිවැරදි කිරීම.
C - පද්ධතියට නව පරිශිලක අවශ්‍යතා හඳුන්වාදීම.
පද්ධති සංවර්ධන ජිවන චක්‍රයේ නඩත්තු කලාව සමඟ ඉහත සඳහන් කුමන ක්‍රියාකාරකම් සම්බන්ධ වී පවතී ද?- A හා B පමණි.
- A හා C පමණි
- B හා C පමණි.
- A ,B හා C සියල්ල ම
- පහත දක්වා ඇති කවර පිළිතුරකින් පද්ධති සංවර්ධන ජිවන චක්‍රයේ දී ඇති කලාවන් නිවැරදි පිළිවෙළට පෙළගස්වා ඇත් ද?
- සැලසුම් කිරීම,කේතනය,පරීක්ෂා කිරීම.
- සැලසුම් කිරීම, අවශ්‍යතා හඳුනා ගැනීම,නඩත්තුව
- අවශ්‍යතා හඳුනා ගැනීම,සැලසුම් කිරීම, පරීක්ෂා කිරීම,
- පරීක්ෂා, කිරීම.නඩත්තු කිරීම,අවශ්‍යතා හඳුනා ගැනීම
- පහත දක්වා ඇති අසම්පූර්ණ වක්‍යය සලකා බලන්න.
.......................................... යනු පද්ධති සංවර්ධන ජිවන චක්‍රයේ එක් ප්‍රධාන අවස්ථාවකි.
ඉහත වාක්‍යයෙහි හිස්තැන පිරවීම සඳහා යෝග්‍යතම කොටස කුමක් ද?- සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම.
- කේත අත්හදා බැලීම (testing) හා නිදොස් කිරීම (debuging)
- පරීක්ෂණ දත්ත(test data) එක්රැස් කිරීම.
- භාවිත අත්පොත
- පද්ධති සංවර්ධන ජිවන චක්‍රයෙහි පරීක්ෂා කිරීමේ (Testing) අදියරට පහත දැක්වෙන ක්‍රියා ඇතුළත් වේ.
A - ප්‍රතිග්‍රහණ පරීක්ෂාව
B - සමස්ත පරීක්ෂාව
C - පද්ධති පරීක්ෂාව
D - ඒකක පරීක්ෂාව
ඉහත ක්‍රියාවල පරීක්ෂා කිරීමේ නිවැරදි අනුපිළිවෙළ කුමක් ද?- A,B,C,D
- B,C,D,A
- C,D,A,B
- D,B,C,A
- පද්ධති සංවර්ධන ජිවන චක්‍රයට අදාළව 'දිය ඇලි ආකෘතිය' සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්ති/වගන්තියක් සත්‍ය වන්නනේ ද ?
A - මෙම ආකෘතියේ දී ඊළඟ අවධියේ කාර්ය ඇරඹීමට පෙර වත්මන් අවධියේ කාර්ය සම්පුර්ණ කරේ.
b - මෙම ආකෘතිය පද්ධතියක් මූලික සරල පද්ධතියක් ලෙස පටන්ගෙන පසුව පුනර්කරණ වෘද්ධි රටාවක් තුළ සවිස්තරාත්මකව සෑදීමට ඉවහල් වේ.
c - මෙම අකෘතියේදි සාමාන්‍යයෙන් භාවිතකරුවන් පද්ධතිය දැක ගන්නේ පද්ධති සංවර්ධන ජිවන චක්‍රයේ මුල් අදියරවලදී ය.- A පමණි.
- A හා B පමණි.
- A හා C පමණි.
- B හා C පමණි.
- පද්ධති සංවර්ධන ජිවන චක්‍රය (SDLC) ආකෘතියක් නොවන්නේ
- දිය ඇලි ආකෘතිය
- පුණර්කරණ වෘද්ධි ආකෘතිය
- මුලාදර්ශ ආකෘතිය
- පද්ධති ආකෘතිය
No comments:
Post a Comment