පරිගණකයේ වැදගත්කම
පරිගණකයේ වැදගත්කම
6 ශ්‍රේණිය
සැකසුම : කැලුම් කෝණාර
Speed Test
**භාවිතයට උපදෙස්***
මෙය මාර්ගගත(online) බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
වර්තමානයේ පරිගණක භාවිත කරනුයේ,
- සියලු ම කාර්යයන් සඳහා
- ව්‍යාපාර කටයුතු සඳහා
- අධ්‍යාපන කටයුතු සඳහා
- වෛද්‍ය කටයුතු සඳහා
ප්‍රතිදාන උපක්‍රමයක් වන්නේ,
- ස්පර්ශක තිරය
- මූසිකය
- යතුරු පුවරුව
- මුද්‍රණ යන්ත්‍රය
ආදාන හා ප්‍රතිදාන දෙක ම සිදුකළ හැකි උපක්‍රමයක් වන්නේ,
- යතුරු පුවරුව ( keyboard)
- තීරුකේත කියවනය( barcode reader)
- ස්පර්ශක තිරය (touch screen)
- මෙහෙයුම් යටිය ( Joystick)
පරිගණකයක ලාක්ෂණික ගුණාංගයක් නොවන්නේ
- නිරවද්‍යතාවය
- වේගය හා කාර්යයක්ෂතාව
- පිරිවැය වැඩිවීම
- ආචයන ධාරිතාව වැඩිවිම
නිහිත (embedded) පරිගණක පද්ධති සහිත උපකරණය නොවන්නේ
- නූතන රූපවාහිනි
- බයිසිකලය
- රෙදි සෝදන යන්ත්‍රය
- ජංගම දුරකථනය
ආදාන උපක්‍රමයක් වන්නේ,
- පරිගණක තිරය
- ස්පීකරය
- මුද්‍රණ යන්ත්‍රය
- යතුරු පුවරුව
සන්නීවේදන උපක්‍රමයක් වන්නේ,
- ආලෝක පෑන
- ස්කෑනරය
- රවුටරය
- යතුරු පුවරුව
බාහිර ආචයන උපක්‍රමයක් නොවන්නේ
- සංගත තැටිය
- සසම්භාවි පිවිසුම් මතකය
- බ්ලුරේ තැටිය
- පෑන් ධාවකය
පරිගණකයක සැකසීම සිදුවන්නේ,
- මධ්‍ය සැකසුම් ඒකකය තුළ ය.
- ආචයන උපක්‍රම තුළ ය.
- පරිගණක තිරය තුළ ය.
- ප්‍රධාන මතකය තුළ ය,
පරිගණකයේ මූලීක කාර්යය පිළිවෙලින් ඇති පිළිතුර වන්නේ,
- සැකසීම , ආදානය , ප්‍රතිදානය
- ප්‍රතිදානය , සැකසීම , ආදානය
- ප්‍රතිදානය , ආදානය , සැකසීම
- ආදනය , සැකසීම , ප්‍රතිදානය
No comments:
Post a Comment